Latestදේශීය

අපි ඔබේ දේපල පවරා ගනීවි කියන බොරු බිය ඇතිකරගන්න එපා – අනුර කුමාර

ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ මහ ජනතාවගේ දේපළ පවරා ගැනීමට කිසිවකු පැමිණියහොත් පොල්ලක් අරන් ගහන්නැයි එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

තම විරෝධය ඇත්තේ ධනය වත්කම් ඇති කෙනාට නොව මහජනතාවගේ ධනය නීති විරෝධීව එක් රැස් කරගත් අයට එරෙහිව බවද හෙතෙම පවසයි.

එම පිරිස අතර දේශපාලනඥයන් මෙන්ම ඇතැම් ව්‍යාපාරිකයන් ද සිටින බවත් ඔහු කියා සිටියි.

එසේ නොමැතිව සාමාන්‍ය මහජනතාවගේ දේපල පවරා ගැනීමේ කිසිදු හැකියාවක් නැති බවත් එසේ පවරාගන්නේද නැති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ජාතික ජන බලවේගයේ බැංකු හා මුල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික් සමලු අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *