අයිෆල් කුලුන නැවතත් විවෘතයි
දින හයක සේවක වැඩ වර්ජනයෙන් අනතුරුව ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි ලෝ ප්‍රකට අයිෆල් කුලුන නරඹන්නන් සඳහා යළි විවෘත කර තිබේ.
කළමනාකාරීත්වය සමග ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පසුගිය සඳුදා දිනයේ අයිෆල් කුලුන ආශ්‍රිතව සේවයේ නිරත වූ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි.
මේ හේතුවෙන් කුලුන නැරඹීම සඳහා අවස්ථාව හිමි නොවූ අතර දින 06කට පසු එය අද දිනයේ සිට යළි විවෘත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සේවක වර්ජන හේතුවෙන් මාස 03ක් වැනි කෙටි කාලයක් තුළ අයිෆල් කුලුන නරඹන්නන් සඳහා වසා තැබුණු දෙවන අවස්ථාව මෙයයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

