ග්‍රහලෝකාගාරය තාවකාලිකව වැසෙයි
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ මහජන ප්‍රදර්ශනය අද (27) සිට මාර්තු 12 දක්වා තාවකාලිකව අත්හිටුවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කාර්යයක් සඳහා 2024.02.27 සිට 2024.03.12 දක්වා මහජන ප්‍රදර්ශන අවලංගු කිරීමට මෙසේ සිදුව ඇත.
මේ හේතුවෙන් මහජනතාව පත් වන අපහසුතාව පිළිබඳ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සිය කණගාටුව ප්‍රකාශ කර සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

