ඉල්ලා අස් වූ උද්දික විදේශයක රැකවරණ ඉල්ලයි
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ උද්දික ප්‍රේමරත්න විදේශ රටක දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බවට මේ වනවිට ප්‍රචාරයක් පවතී.ඔහුගේ පවුලේ සියලු දෙනා ඕස්ට්‍රේලියාවට හෝ කැනඩාවට යාම සඳහා සූදානම් වී මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ බව එම ප්‍රචාරවලින් කියවේ.
මෙයට පෙර පසුගිය වසරේ ඔහුගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබිණි. එම වෙඩි ප්‍රහාරය පිළිබඳව අදාළ පොලිස් පරීක්ෂණ කෙතරම් දුරට ක්‍රියාත්මක වූයේ දැයි ප්‍රශ්නාර්ථයක් ඉතිරි වී තිබේ. ඔහු විදේශ රැකවරණ ඉල්ලා ඇති බව ප්‍රචාරය වෙමින් පවතී.
ඔහු කතානායකවරයාට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබෙන විශේෂ කරුණක් කෙරෙහි සමාජයේ දැඩි අවධානයක් යොමු වී තිබේ.
තමාගේ දේශපාලන සිතුම් පැතුම් යථාර්තයක් කරගැනීම ඉතා දුෂ්කරයැයි පසක් වූ බැවින් තාවකාලිකව මෙම යාන්ත්‍රණයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් ඒම ලිපියේ ඔහු පවසා ඇත.
lanka truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

