උෂ්ණත්වය තවදුරටත් ඉහළට – පාසල් සිසුන්ට උපදෙස්
මේ දිනවල පරිසරයේ පවතින අධික උෂ්ණත්ව තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව, අද හෙට සහ අනිද්දා දින තුළ (පෙබ. 28, 29 සහ මාර්තු 01) දිවයිනේ කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් වෙත උපදෙස් ලබා දී තිබේ.
සියලු ම පාසල් වල විදුහල්පතිවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම පිණිස අදාළ උපදෙස් මේ වන විටත් පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් වෙත නිකුත් කර ඇති උපදෙස් මාලාව අනුව ඉදිරියේ දී ද කටයුතු කරන ලෙස වැඩිදුරටත් දැනුම් දෙනු ලැබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

