පා පුවරුවෙන් වැටී තරුණයෙකු ජිවිතක්ෂයට
බස් රථයක පා පුවරුවේ ගමන් කරමින් සිටි තරුණයෙකු ඉන් අද වැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි.සිලේඅඩි කත්සිලේමඩු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක් පමණ වන අලගරාසා නිදර්ශන් නමැති තරුණයෙක් මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත.යාපනය නල්ලුර් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් උතුරු පළාත් සභා ප්‍රවාහන අධිකාරියේ නිලධාරින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අදාල බස් රථයේ මාර්ග බලපත්‍රයද තාවකාලිකව අත්හිටුවා තිබෙන බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

