බිත්තියක් කඩා වැටි පුද්ගලයෙක් මරුට
මහරගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගය ආසන්නයේ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරමින් සිටි සේවකයින් දෙදෙනෙකුගේ ඇඟ මතට එම ගොඩනැගිල්ලේ බිත්තියක් කඩා වැටී තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම බිත්තියට යටවීමෙන් අදාළ සේවකයින් දෙදෙනා තුවලා ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවය.
එලෙස ඇතුළත් කිරීමේදී 45 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇත.
තුවාල ලැබූ අනෙක් පුද්ගලයා කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

