Latestවිදේශීය

සෙලෙන්ස්කී සෞදියට යයි

රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, සෞදි අරාබියට ගොස්, සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු හමුවී සාකච්ඡා පැවැත්වා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරයි. යුක්රේන ජනාධිබතිවරයා සෞදියේ රියාද් නුවර ‘කිංග් කලීඩ්’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේ විශේෂ යුක්රේන ගුවන් යානයකින් වන අතර ගමනට අනුග්‍රහය දැක්වූයේ බටහිර රටවල් බව ද පැවැසෙයි.

‘කිංග් කලීඩ්’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි යුක්රේන ජනාපධිපතිවරයාට සෞදි රජයෙන් උණුසුම් පිලිගැනීමක් හිමිවිය. රියාද් නියෝජ්‍ය ආණ්ඩුකාර මොහොමද් බින් අබ්දුල්රහ්මාන් බින් අබ්දුල්ලාසි කුමරු ප්‍රමුඛ සේදි රජයේ විශේෂ නියෝජිතයෝ රැසක් යුක්රේන ජනාපධිතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමට ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.

රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කළ හමුදා ක්‍රියාමාර්ගය අවසන් කිරීමට රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් පියවර ගත යුතු බවත්, රුසියන් හමුදා අත්අඩංගුවේ සිටින යුක්රේන යුද සිරකරුවන් නිදහස් කළ යුතු බවත් යුක්රේන ජනාපධිතිවරයා සෞදි කුමරු හමුවේ පවසා තිබේ.යුද්ධය අවසන් කිරීමට රුසියාව මෙන්ම යුක්රේනය ද අවස්ථා ගණනාවකදී සාම සැලැසුම් යෝජනා කර ඇති නමුත්, එම සාම සැලැසුම්වල ඇති කොන්දේසි පිළිගැනීම දෙපාර්ශ්වයම කැමැත්ත පළ කර නැත.

යුක්රේන ජනාපධිතිවරයා යුක්රේනයේ සාම සැලැස්ම පිළිබඳව සෞදි කුමරු දැනුවත් කළේ යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සාම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සෞදිය මැදහත් වන්නේ නම් ඒ ගැන තමන් සතුටු වවන බව ද සෙලෙන්ස්කී, සල්මාන් කුමරුන්ට පවසා ඇති අතර සෞදි අරාබිය, යුක්රේනයට වඩා සමීප මිතුදම් පවත්වන්නේ රුසියාව සමඟය. එසේ වුවත් රුසියන් යුක්රේන යුද්ධයට මැදිහත් වී, සාම වැඩපිළිවෙළක් සඳහා දෙපාර්ශ්වය කැමැති කර ගැනීමට තමන් සූදානම් යැයි සෞදිය අවස්ථා ගණනාවක දී පෙන්වා දී තිබුණි.

( ඒ.එෆ්.පී.)


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *