Latestදේශීය

කුමාර ධර්මසේන දිනුම්

නරාහේන්පිට ප්‍රදේශයේ පිහිට ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් එම ඉඩමේ අයිතිය ශ‍්‍රී ලංකා හිටපු ක්‍රීඩක ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන මහතා සහ ඔහුගේ සමාගමට හිමිවන බව අධිකරණය තීන්දු කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නඩුවේ තීන්දුව දෙමින් සඳහන් කර ඇත්තේ එම ඉඩමේ සංතකය නිසි පරිදි සිවිල් අධිකරණයකින් තීරණය කරන තෙක් ඉඩමේ අයිතිය එම සමාගමටත් එහි අධ්‍යක්ෂවරුන්ටත් හිමිවන බවයි.

අදාළ ඉඩමේ අයිතිය හුමාරුව බලහත්කාරයෙන් සිදුවූවක් බවට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සාක්ෂි ඉදිරිපත් කර නැති බවත් එනිසා එය බලහත්කාරයෙන් සිදුවූ එකක් නොවන බවටත් අධිකරණය පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *