Latestදේශීය

සජිත්ට සහ රනිල්ට තීරණාත්මක සතිය

ජනාධිපතිවරණයට පෙර දේශපාලන පක්ෂවල ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ ප්‍රධානම කඩඉම වන මැයි දිනය ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඉතාම තීරණාත්මක බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙති.

මෙයට ප්‍රධාන ම හේතුව වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ සමඟ දැනට සිටින පොහොට්ටුවේ මැති ඇමතිවරුන්ට අමතරව සජිත් පිලේ විශාල පිරිසක් දිනා ගැනීමට මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ දියත් කර තිබෙන ක්‍රියා මාර්ගත් සහ තම පිරිස රැක ගැනීමට සජිත් හමුවේ පවතින අභියෝගය නිසා ය.

සජිත් පිලේ ප්‍රබලයින් ගණනාවක් සම්බන්ධයෙන් මේ වනවිටත් නම් වශයෙන් ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට සූදානම් බව විවිධ වාර්තාවලින් එළි දක්වා තිබේ. ඒ අතර හර්ෂ ද සිල්වා, තලතා අතුකෝරාල, කබීර් හෂීම් සහ එරාන් වික්‍රමරත්නගේ නම් ප්‍රසිද්ධියට පත් වී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *