දුම්රිය සාමාන්‍යාධිකාරි බන්ඩාර මහතා හදිසියේ මියයයි
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරමින් සිටි එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර අද (23) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බංගලාවේ, නවාතැන් ගෙන සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම මරණය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය සඳහන් කරන්නේ, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (23) පැවැත්වීමට නියමිතව තිබූ ගල්ගමුව දුම්රිය ස්ථානයේ, තලාව දුම්රිය ස්ථානයේ, අනුරාධපුර දුම්රිය ස්ථානයේ, මිහින්තලා දුම්රිය මාර්ගයේ සිදු කෙරෙන නවීකරණ කටයුතු නිරීක්ෂණය ඇතුළු විශේෂ වැඩ සටහන් මාලාවක් සඳහා සහභාගී වීමට පැමිණ, දුම්රිය සාමාන්‍යාධිකාරී ඇතුළු ඉංජිනේරුවන් පිරිසක් මෙම සංචාරක බංගලාව තුළ නවාතැන් ගෙන සිටියදී මෙම මරණය සිදුව ඇති බවය.
මොවුන් නවාතැන් ගෙන සිටි දුම්රිය සංචාරක බංගලාව පිහිටා ඇත්තේ අනුරාධපුර, අනගාරික ධර්මපාල මාවතේ පිහිටි නැගෙනහිර නුවර ගම් පලාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

