Latestදේශීය

අනුරගේ දිනවලට සජිත් බැහැ කියයි

(යොහාන් භාසුර)

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල සජිත් ප්‍රේමදාස මහතා යොදාගත් වැඩකටයුතු ඇති බව එම පක්‍ෂය පවසයි.

ජාතික ජනබලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා හමුවී පාර්ශව දෙකටම හැකි දිනයක විවාදය යොදාගන්නා බවත් පක්‍ෂ දෙකේ නායකයන් දෙදෙනා අතර සහ ආර්ථික කමිටු අතර විවාදයට එකඟතාව පළවිය යුතු බවත් සමඟි ජන බලවේගය සඳහන් කරයි.

එම විවාදය ලබන මැයි මස 7, 9, 13 හෝ 14 යන දිනයන්ගෙන් එකක පැවැත්විය හැකි බව ජාතික ජන බලවේගය ඊයේ දැනුම් දුන්නේය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *