Latestදේශීය

මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස්වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.

දැනට අධිකරණය විසින් වාරණ නියෝගයකට ලක් කර තිබෙන ‍ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සම්බන්ධව අධිකරණ කටයුත්තේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ධුරයෙන් ඉවත්වන බව දැනුම් ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

පක්ෂයේ ව්‍යවස්ථාව අනුව ඉල්ලා අස්වන සභාපතිවරයා පක්ෂයේ අනුශාසක ධුරයට පත්වීමටද නියමිතව ඇත.

මෙවනටත් එම පක්ෂය බරපතල මත ගැටුම්වල සිටින අතර පාර්ශව දෙකක් විසින් වැඩ බලන සභාපතිවරුන් දෙදෙනකු ට නම්කර මැතිවරණ කොම්ෂන් සභාවට ලිපි භාරදී තිබේ.

එම පත් කිරීම්වලට එරෙහිව එම පක්ෂයේම පාර්ශ්වයන් විසින් මැතිවරණ කොමිසමට පැමිණිලිද සිදුකර ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *