Latestදේශීය

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විනිසුරුවරයෙකු අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් පුත්තලමේ ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙක් රුපියල් 5,000ක අල්ලසක් ලබා ගැනීමේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුව පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සඳහන්.කොමිෂන් සභාව සඳහන් කළේ පුත්තලම වෙට්ටාලෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

තවද කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ පුත්තලම ක්වාසි උසාවියෙන් ලබා දී තිබූ දික්කසාද නඩු තීන්දුවකට අදාළව දික්කසාද සහතිකය ලබාදීම සඳහා සැකකරු විසින් මෙම අල්ලස් මුදල් ඉල්ලා ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *