ඉරාන ජනාධිපති වෙනුවෙන් සියල්ල සීරුවෙන්
ඉරාන ජනාධිපති ඊබ්‍රායිම් රයිසි මහතා අද (24) දිනයේ ශ්‍රී ලංකා සංචාරයක නිරත වීමට නිරතය.
ඒ ඉරාන ආධාර මත ඉදිකර ඇති උමාඔය බහු කාර්ය ව්‍යාපෘතියේ විවෘත කිරීම සඳහාය.
මේ වන විට ඉරානයේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඉරාන ආරක්ෂක නිලධාරින් රැසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටී.
ඔවුන් ඉරාන ජනාධිපතිවරයා යන ගමන් මාර්ගය නැවතුම් ස්ථාන උත්සව භූමිය සම්බන්ධයෙන් සිය සියලු ආරක්‍ෂක සොයාබැලිම් සිදු කරමින් සිටිති.
ඉරාන ජනාධිපතිවරයා මත්තල ගුවන්තොටුපලෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර අනතුරුව උමා ඔය දක්වා ගොස් එය විවෘත කිරීමෙන් පසු දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්මන් කර ආපසු ඉරානය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

