පාම් ඔයිල් තහනම ඉවත් කරන්න – වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පත්කළ විද්වත් කමිටුව විසින් පාම් ඔයිල් තහනම ඉවත් කරන ලෙස නිර්දේශ කර තිබෙනවා.එම කමිටුව නිර්දේශ කර ඇත්තේ පොල් පර්යේෂණ මාර්ගෝපදේශවලට අනුව වගා කිරීම සිදු කළ යුතු බවයි.
කෘෂිකාර්මික අංශය වැඩිදියුණු කිරීම, ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සහ ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පාම් තෙල් වැදගත් බවත්, ඊට අමතරව, අනෙකුත් බොහෝ කෘෂිකාර්මික භෝගවලට වඩා ඉහළ ආදායමක් මෙම වගාව තුළින් ලැබෙන බවත් විශේෂඥ කමිටුව ප්‍රකාශ කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

