හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ
ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවූවන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබේ.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ජී.ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ප්‍රකාශ කර සිටියේ, උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකිවී ඇති පුද්ගලයින් වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.
මෙලෙස, හැඳුනුම්පත් නිකුත් කිරීම පසුගිය මාර්තු මස 31 වෙනි දින දක්වා ක්‍රියාත්මක වූ අතර එම කාල සීමාව දීර්ඝ කර දෙන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉදිරිපත් වී තිබූ ඉල්ලිම් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් සඳහන් කරන ලදී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

