සජිත් කියන ඕනෑම දිනයක අනුර සූදානම් – ටිල්වින් සිල්වා
අනුර දිසානායක මහතා විසින් ලබා දුන් දින හතරෙන් එකක හෝ පැමිණීමට නොහැකි නම් සජිත් ප්‍රේමදාස මහතා විසින් නම් කරන ඕනෑම දිනයක විවාදයකට පැමිණීමට සූදානම් බව ජාතික ජන බලවේගය දැනුම් දෙයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතාට පහසු ඕනෑම දිනයක් යෝජනා කරන ලෙස ඉල්ලා සිටින බවයි.
සජිත් ප්‍රේමදාස මහතා විවාදය මගහැරීමට උත්සාහ කරන බව පෙනී යන බවද පැවසූ ඔහු විවාදයට මුහුණ දීමට වඩා එය මගහැරීමට මාර්ග සෙවීමට පේ‍්‍රමදාස මහතා උනන්දු වන බව කියා සිටියේය.
අනුර දිසානායක මහතා දින හතරක් යෝජනා කළේ සජිත් ප්‍රේමදාස මහතා කාර්යබහුල කාලසටහක් ඇතැයි උපකල්පනය කර ඔහුට පහසුවීම සඳහා තෝරාගැනීම් ලෙස බවද හෙතෙම පැවසීය.
ඒ මහතා මෙම අදහස් පල කලේ කොළඹදී මාධ්‍ය අමතමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

