Latestදේශීය

ලෝක මැලේරියා දිනය අදයි

මැලේරියාවෙන් තොර රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව වෙත සහතිකය ලබා දුන්නේ 2016 වසරේදී ය.

ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පැවසුවේ, වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බවයි.2023 වර්ෂයේදී වාර්තා වූ මැලේරියා රෝගීන් සංඛ්‍යාව 62 කි.

මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, අප්‍රිකා රටවලට ගොස් පැමිණි අය අතුරින් බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා සඳහන් කරයි.

අවදානම් කණ්ඩායම් ලෙස සාම සාධක රාජකාරි සඳහා ගොස් පැමිණි හමුදා සාමාජිකයින්, ඉන්දිියාවේ දඹදිව වන්දනාවේ ගොස් පැමිණි පුද්ගලයින් සහ මැණික් වෙළෙඳාම සඳහා ගොස් පැමිණි පුද්ගයින් හඳුනාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *