කොළඹට ජල කප්පාදුවක්
හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල, ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 5 සහ 6, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව නගර සභා බලප්‍රදේශ, ජයන්තිපුර සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
හෙට පස්වරු 05 සිට ඉරිදා පෙරවරු 07 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

