මන්ත්‍රි 6කගෙන් පොහොට්ටුව නිදහසට කරුණු විමසයි
(නාගොඩ සුමන උදයන්ත)
පක්ෂ විනය කඩකරමින් සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 06 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
පක්ෂයේ විනය කමිටුව ලබාදුන් නිර්දේශ අනුව එය සිදුකිරීමට නියමිතයි.
මහාචාර්ය ජී. එල් පීරිස් , ආචාර්ය නාලක ගොඩහේවා , ඩිලාන් පෙරේරා , වසන්ත යාපා බණ්ඩාර , වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන්ගෙන් එලෙස කරුණු විමසීමට නියමිතයි.
ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා ලිපි යැවීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රමුඛ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු සමගි ජන බලවේගය සමග පසුගිය 05 වැනිදා ගිවිසුමගත වූයේ සමගි ජන බල සන්ධානය ලෙසයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

