Latestදේශීය

බුද්ධි අංශ ගැටුම් නිසා පාස්කු ප්‍රහාර පරීක්ෂණ යටයනවා – එරාන් වික්‍රමරත්න

පාස්කු දිනදා මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ යට යන්නේ බුද්ධි අංශ නිලධාරීන් අතර ඇති ගැටුමක් හේතුවෙන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

පාස්කු ප‍්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විවාදයේදී හෙතෙම මෙසේ  අදහස්  පළ  කළේය.

‘මෙතන කරුණු වසන් කිරීමක් තියෙනවා. කරුණු වසන් කිරීම පමණක් නොවේ මේකට කිසි සම්බන්ධතාවයක් නැති අයව පටලවන්න හැදුවා. බුද්ධි අංශ තුළ නිලධාරීන් අතර ගැටුමක් තියෙනවා. ඒ නිසා තමයි මේක යට යන්නේ.

ඒ වගේම පාස්කු ප්‍රහාරයට ලක් වූ අයට වන්දි ලබා දීමේදී මියගිය තැනැත්තෙකුට දීලා තියෙන්නේ රුපියල් මිලියනයක් පමණයි. හැබැයි ජනාධිපති කොමිසමෙන් කිව්වෙ රුපියල් මිලියන දෙකක් දෙන්න කියලා.’

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *