Latestදේශීය

ටොයොටා ලංකා වාහන යලි ගෙන්වයි

වසර කිහිපයකට පසු ජපානයේ ටොයොටා සමාගමේ මෙරට ශාඛාව විසින් වාහන ආනයනය ආරම්භ කර ඇත.

ඒ අනුව එම සමාගම බස් රථ හා වෑන් රථ අලෙවි කිරීම සඳහා සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළකර ඇත.

මේවා ආනයනය කර ඇත්තේ මෑතකදී සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා සීමිත බස් රථ හා වෑන් රථ ප‍්‍රමාණක් ආනයනය කිරීමට ලබාදුන් අනුමැතිය මතයි.

මෙම වාහන කාණ්ඩ වල ආරම්භක මිල රුපියල් කෝටි එක හමාරක් ලෙස දැන්වීම්වල දැක්වෙයි.

මෙම මිල නියම කර ඇත්තේ වසර දහයක් පමණ පැරැණි මෙම කාණ්ඩයේ වෑන් රථ රුපියල් කෝටි දෙකකට ආසන්න මිලකට අලෙවි කරමින් ඇති පසුබිමකදීය.

ශ්‍රී ලංකාවට වසර හතරක පමණ කාලයක් තිස්සේ වාහන ආනයනය අත්හිටුවා තිබුණේ විදේශ විනිමය අර්බුදය හේතුවෙනි.

ඒ හේතුවෙන් මෙරට භාවිතා කරන වාහන වල මිලද අසාමාන්‍ය ලෙස ඉහල නංවා ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *