ස්වීඩනයේදී අනුරව උණුසුම්ව පිළිගනී
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (27) අලුයම ස්වීඩනයේ ස්ටොක්හෝම් ගුවන් තොටුපල වෙත ළඟාවී තිබේ.
ඒ එරටහිදී පැවැත්වෙන ශ්‍රී ලාංකිකයන් අමතන ජන හමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමටය.

ස්ටොක්හෝම් ගුවන් තොටුපල වෙත පැමිණි අනුර දිසානායක ජාතික ජන බලවේගයේ ස්වීඩන් කමිටුව සහ එරට සිටින ශ්‍රී ලාංකිකයන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගෙන ඇත.
ස්වීඩනය ගිය අනුර දිසානායක ඊයේ (27) දින ස්වීඩනයේ NACKA AULA හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට STOCKHOLM ජන හමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණි.
ජාතික ජන බලවේගයේ ස්වීඩන් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කර ඇත.

@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

