Latestදේශීය

මම නැත්නම් ජනතාව කන්න නැතුව මැරෙනවා – විජයදාස රාජපක්ෂ

‘ජී. එස්. පී. සහනය ලබා ගන්න, අයි. එම්. එෆ්. සහනය ලබා ගන්න ඉටු කළ යුතු කොන්දේසිවලින් සියයට හැත්තෑ පහක් විතර ඉෂ්ට කළේ මම’ යයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සති අන්ත පුවත්පතක් හා සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පල කර තිබේ.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නෙමෙයි මමත් ආණ්ඩුවේ ඇමැති ධුර දැරීමට පෙර අඩුපාඩු පෙන්වා දුන්නා.

ආණ්ඩුවේ අඩුපාඩු මම තරම් පෙන්වා දුන් වෙන කෙනෙක් නැහැ. විපක්ෂයෙන්වත් මම තරම් පෙන්වා දී නැහැ. මේ අඩුපාඩු සකස් කළේත් මම.

පසුගිය වසර දෙක තුළ ජී. එස්. පී. සහනය ලබා ගන්න, අයි. එම්. එෆ්. සහනය ලබා ගන්න ඉටු කළ යුතු කොන්දේසිවලින් සියයට හැත්තෑ පහක් විතර ඉෂ්ට කළේ මමනේ. නමුත් සියල්ල කළේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන්.

අපි එය නොකළේ නම් විපක්ෂයේ ද ආණ්ඩුවේ ද කියලා නැහැ, ජනතාව කන්න බොන්න නැතිව මැරෙනවා’


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *