කළුතර මුහුද ගොඩ ගලයි
(සුමිත් පොතුපිටිය)
කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී.
උදෑසන සිට මුහුද රළු වීම නිසා ආබෲ මාවත ප්‍රදේශයෙන් මුහුද ගොඩගලා තිබීම හේතුවෙන් වෙරළේ ගාල්කර තිබූ ධීවරයාත්‍රා සියල්ලම ගොඩට ඇදීම නිසා එම මාවතේ ගමනාගමන කටයුතු මුළුමනින්ම අවහිරව තිබේ.
අධික රළ දිගින් දිගටම වැඩිවීම නිසා ආබෲ මාවතේ කොටසකටද හානි සිදුව ඇති ආකාරය මෙන්ම ආබෘ පාලමට ද දැඩි හානි සිදුවෙමින් පවතීන අයුරු දැක ගත හැකි විය
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

