Latestදේශීය

නව මත්පැන් බලපත්‍ර 470ක්

බලපත්‍ර ලාභී මත්පැන් අලෙවිසල් ප්‍රමාණය තවත් 470කින් වැඩි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව මෙරට මත්පැන් අලෙවිසල් ප්‍රමාණය 1108 සිට 1578 දක්වා ඉහළ යාමට නියමිතව ඇත.

මෙම නව මත්පැන් බලපත්‍ර සඳහා අදාළ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී.

සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ මත්පැන් අලෙවිසැල් සංඛ්‍යාව තීරණය කිරීමට අදාළ ගැසට් නිවේදනය පසුගිය වසර 15 ක කාලයක් තුළ සංශෝධනය වී නොමැති බවයි.

කිලිනොච්චිය වැනි ඇතැම් ප්‍රදේශවල බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසැල් නොමැති බවත් එවන් අවශ්‍යතා සලකා බලා මෙම පියවර ගන්නා බවද ඔහු සඳහන් කර තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *