මෛත්‍රිගෙන් අසාධාරණ සිදුවූ අය ගැන සොයන්න කමිටුවක් – දුමින්ද දිසානායක
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ අත්තනෝමතික ලෙස ලබාදුන් ආසන සංවිධායක ධූර සම්බන්ධයෙන් සොයා බලන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මංත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
පක්ෂයේ පුරප්පාඩු වී ඇති ආසන සංවිධායක ධූර කඩිනමින් පිරවීමට කටයුතු කරන බව පැවසීය.
මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කිරීමට නියමිතයි.
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයකට අනුවයි.
අමාත්‍ය මහින්ද අමරවීර ,අමාත්‍ය ලසන්ත අලගියවන්න ,වීරකුමාර දිසානායක ,නීතීඥ ෆයිසර් මුස්තාපා මහතාගේ සහභාගිත්වයෙන් එම කමිටුව පත්කර තිබේ.
එහි සභාපතිත්වය තමන් දරණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

