Latestදේශීය

මෛත්‍රිපාල ජනාධිපතිවරණයට නම් කිරීම ‌‌‌‌‌‌ඓතිහාසික වරදක් – චන්ද්‍රිකා කුමාරතුංග

(ආරියරත්න රණබාහු)

2015 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කිරීම තමා ජීවිතයේ කළ ඓතිහාසික වරදක් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත්මන් විනාශයට වග යුතු පුද්ගලයින් දෙදෙනෙකු ඇතැයි කී ඇය ඔවුන් දෙදෙනාම තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ බව කීවාය කෙසේ වෙතත් නිමල් සිරිපාද සිල්වා අමාත්‍යවරයා වැඩබලන සභාපති ධූරය දරන ලංකා නිදහස් පක්ෂය නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කී ඇය තමා එහි තනතුරක් බාර නොගන්නා නමුත් පක්ෂය ආරක්ෂා කරගෙන වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දෙන බව කිවාය.

හිටපු ජනාධිපතිනිය මේ අදහස් පළ කළේ අද උදෑසන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදීය

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *