Latestදේශීය

08 පුද්ගල ඝාතනයට පොලීසියේ 05ක් ජීවිතාන්තය දක්වා සිරගෙට

කන්තලේ භරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ වැසියන් 08 දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන ලදැයි කියන අවස්ථාවේ එම අපරාධය සිදුවූ ස්ථානයේ සිටි බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් 05 දෙනකුට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට උතුරු මැද පළාත් බද පූර්වගාමි මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය නියෝග කර තිබේ.

විත්තිකාර පොලිස් නිලධාරීන් දෙදෙනකු පමණක් චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙසටද මහධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය තවදුරටත් නියෝග කර ඇත.

මෙසේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූයේ කන්තලේ පොලිස් කොට්ඨාසයේ භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක ආර්.එම් රණරාජා බණ්ඩාර, උප පොලිස් පරික්ෂක ජී.එල් සෝමරත්න, පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රරත්න බණ්ඩාර, කේ.එම් නිහාල් ප්‍රේමතිලක සහ අර්.ආර් සෝමරත්න බණ්ඩාර මැදිවෙල යන විත්තිකරුවන්ටය.

නිදොස් කොට නිදහස් කර මුදා හැරීමට නියෝග කෙරුණේ පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රත්න බණ්ඩාර සහ කේ.එම්. මයුරසේන යන විත්තිකරුවන්ය.

වසර 1998 ජනවාරි 31 වැනිදා හෝ ඊට අසන්න දිනයක ත්‍රිකුණාමලය මහාධිකරණ බල ප්‍රදේශයට අයත් කන්තලේ භාරතීපුරම්හිදී මෙම වරද සිදු කර ඇති බවට නීතිපති විසින් හදිසි නියෝග අවස්ථා විධවිධාන පනතේ 26 (1) වගන්තිය ප්‍රකාරව මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීමේ අදහසින් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස සිටි බවට විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *