Latestදේශීය

රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් සමාගමේ ගනකාධිකාරී කෝටි 135ක ඇපමත මුදාහරී

කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ගනකාධිකාරී ඩබ්ලිව්. රොෂාන් නැමැත්තා රුපියල් කෝටි 135ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ඊයේ (29) නියෝග කර තිබේ.

බදු ගෙවීම පැහැර හරින ලදැයි දේශීය ආදායම් කොමසාරිස් විසින් කඩුවෙල කරතොට රන්දෙනිගල ඩිස්ටිලරීස් සමාගමට එරෙහිව පවරන ලද නඩුව කැඳවූ අවස්ථාවේදී මෙසේ රජයට ගෙවීමට ඇති බදු ප්‍රමාණයට සමාන ඇපයක් මත මුදා හැර ඇත.

වසර 2012 හා 2015 අතර කාලය තුළදී ආදායම් බදු, වැට් බදු හා දේශය ගොඩනැගීමේ බදු ලෙස රජයට අයවිය යුතු රුපියල් එකසිය තිස් පන් කෝටි අසූ හත් ලක්ෂ හැත්තෑ තුන්දහස් එකසිය හතලිස් හතරක (රු. 1,358,773,144) මුදලක් නොගෙවා පැහැර හැරීමට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

සමාගම වෙනුවෙන් වූ නීතීඥයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා ඇත්තේ බදු ගෙවීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ විත්තිකාර සමාගම රීට් පෙත්සමක් ගොනු කර ඇති බවය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *