Latestදේශීය

කටුනායක ගුවන් තොටුපළේ VIP පර්යන්ත නිළධාරියකුගේ ගිනි අවියක් පත්තුවෙයි

කටුනායක ගුවන්තොටුපළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය තුළ රාජකාරියේ නිරතව සිටි ගුවන් හමුදා භටයෙකුගේ ගිනි අවියක් ඊයේ දිනයේ ක්‍රියාත්මක වීමෙන් එහි වහලයට හානි සිදුවී තිබේ.

ගුවන් භටයා සතුව තිබූ ගිනි අවිය එසේ ක්‍රියාත්මක වී ඇත්තේ අත්වැරදීමකින් බවත් එහි කිසිදු ජීවිත හානියක් ඉන් සිදුව නැති බවද වාර්තා වෙයි.

මෙම පර්යන්තය හරහා ප‍්‍රභූවරුන් සහ මුදල් ගෙවා පහසුකම ලබාගන්නා ව්‍යාපාරිකයන් නිතර ගමන් බිමන් යාම සිදු කරයි.

එම පර්යන්තයේ ආරක්ෂක කටයුතු මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යයි.

අදාළ ගුවන් බටයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ද සිදු කරමින් තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *