Latestදේශීය

දරුවන්ට ශාරීරිකව දඬුවම් කළොත් ඒක නීතිමය වරදක්

දරුවන්ට පහරදීම් ඇතුළු ශාරිරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා, දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි කැබැනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

ඒ අනුව මින් ඉදිරියට වැඩිහිටියෙකු හෝ ගුරුවරයෙකු දරුවෙකුට ශාරිරික දඬුවම් කරන්නේ නම් එය වරදක් බවද ඔහු අවධාරණය කරයි.

ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව අනාවරණය කළ අතර එහිදී වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන,

“දරුවන්ගේ කන්වලට පහරදීමෙන් කන් ඇසීම නැති වෙච්ච අවස්ථා වාර්තා වෙනවා. හොඳම දේ ලබාදිය යුත්තේ දරුවන්ට නම්, දරුවන්ට සිදුවන නරකම දේ වැළැක්විය යුතුයි. ඒ අනුව ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කිරීමට දණ්ඩ නීතී සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනයට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාදුන්නා. ඒ අනුව දරුවන්ට වැඩිහිටියන් විසින් හෝ ගුරුවරුන් විසින් ශාරීරික වශයෙන් කිසිම දඬුවමක් කිරීම නීතිය අනුව වරදකරුවන් වෙන ආකාරයට මෙම පනත් සංශෝධනය කෙරෙනවා.”

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *