Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා 400X4 සහය දිවීමේ ශූරයින්ට ඔලිම්පික් අවස්ථාව අහිමි ‌වන ලකුණු

මැයි මස 04 සහ 05 යන දිනවල බහමාස් හී දී පැවැත්වීමට නියමිත ලෝක සහය දිවීමේ ශූරතාවලියට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා 400X4 සහය දිවීමේ පිරිමි කණ්ඩායමට ඇමරිකානු වීසා නොලැබීම හේතුවෙන් මෙම තරගාවලියට යාමට නොහැකි වී ඇත.

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීමට ඇති එකම සහ අවසාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය ද වන ලෝක මළල ක්‍රීඩා සංගමය විසින් පවත්වන මෙම සහය දිවීමේ ශූරතාවලිය රටක් ලෙස අපට ඇති සුවිශේෂී අවස්ථාවකි.

මේ වන විට ලෝක ශ්‍රේණීගතකිරීම් හී 16වන ස්ථානයේ පසුවන ශ්‍රි ලංකා කන්ඩායම බහමාස් හීදී පැවැත්වෙන ප්‍රථම 14 දෙනා අතරට පැමිණියහොත් ඒ හරහා 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව උදා වනු ඇති. නමුත් බහමාස් හී පැවැත්වෙන තරගාවලියට සහභාගි වීමට නොහැකි වුවහොත් එම අවස්ථාව ගිලිහී යනු ඇති.

මෙතෙක් ආසියාවේ මේ වසර තුළ පවත්වන ලද මීටර් 400 තරගාවලදී ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයින් දෙදෙනා ලෙස අරුණ දර්ශන සහ කාලිංග කුමාරගේ යන ක්‍රීඩකයින් දෙදෙනා මෙම සහය දිවීමේ කන්ඩායමට ඇතුළත් වුණා.

ශ්‍රී ලංකා කන්ඩායම සදහා සදහා ඇමරිකානු වීසා අවශ්‍ය වන්නේ බහමාස් වෙත ගමන් කිරීමේදී ඇමරිකාව හරහා  ගමන් කරන බැවින් එම අතරමැද වීසා අවශ්‍යතාවය සපුරාගැනීම අත්‍යාවශ්‍ය කාරණයක් වන බැවිනි.

පසුගිය අප්‍රේල් මස 08 වනදා ලෝක මළල ක්‍රීඩා සංගමය විසින් මෙම ශූරතාවලියට ආරාධනාවක් ලැබෙන තෙක් ඇමරිකානු වීසා සදහා අයැදුම් කිරීමට ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයට අවස්ථාව හිමිවුනේ නැහැ. නමුත් අප්‍රේල් 08 වනදා ලෝක මළල ක්‍රීඩා සංගමය මගින් එම ආරාධනාව ලැබීමත් සමග ඇමරිකානු වීසා සදහා ඉල්ලුම් කළත් ඒ සදහා ඇමරිකානු වීසා සදහා සම්මුඛ පරීක්ෂණ අවස්ථාවන් හිමිව ඇත්තේ මැයි මස අවසානයේදීය. නමුත් මැයි මස 04 සහ 05 යන දිනයන් හී බහමාස් ලෝක ශූරතාවලිය පැවැත්වෙන බැවින් මෙම සුවිශේෂී අවස්ථාව මෙරට විශිෂ්ට ධාවන ශූරයින් හට අහිමිවීම මෙරට මළල ක්‍රීඩාවට දැරිය නොහැකි පාඩුවක් වනු ඇති.   

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?