කෝටි 100ක මුහුදු රත්තරන් අත්අඩංගුවට
(ගයාන් සූරියආරච්චි)
රුපියල් කෝටි 100 කට අලෙවි කිරිමට සූදානම් කර තිබූ ‘මහසයුරේ රත්රන්‘ ලෙස හදුන්වනු ලබන තල්මස් ඇම්බර් කිලෝ 5 ක් සමග අහුංගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාගම කළමනාකරුවෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මුහුදු දඩයක්කරුවන් විසින් ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ ඇම්බර් විදේශකයන්ට කෝටි ගණනට විකුණන බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව අවේක්ෂණ නිලධාරීන් යොදවා ලබාගත් තොරතුරුවලට අනුව සිදුකළ වැටලීමේදී එම ජාවාරමේ මහමොළකරු වශයෙන් මෙම කළමනාකරු ක්‍රියාකර ඇති බව පොලිසිය කියයි.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

