Latestදේශීය

නලීන්ද සිල්වාගේ නික්මයාම

මහාචාර්ය නලින්ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා ඇමරිකාවේ සිටින තම පුතුගේ සුව දුක් බැලීමට ගොස් සිටියදී මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත.

ඒ වන විට ඒ මහතා 79 වන වියේ පසුවිය.

ගණිත මහාචාර්යවරයකු වු ඔහු කැලණි විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද ඉසුලුවේය. නලින් ද සිල්වා මහතා කලක් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

ජාතික චින්තනය,නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය,භෞතික විද්‍යාව දේශපාලන මතවාද සම්බන්ධයෙන් නලින් ද සිල්වා ප්‍රසිද්ධියක් උසුලනු ලැබීය.

1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ ආචාර්ය නලින් ද සිල්වා සිය ප්‍රාථමික අධාපනය වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.

ඔහු 1962 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් සමග සමත් විය. 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු විසින් සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් අනාවැකි පළ කළේය.

නලින් ද සිල්වා මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙක් වූ අතර මාක්ස්වාදියෙක් සහ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම නීති හදාරමින් මත ගෙන හැර පෑවේය.

ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරීමට පෙළඹිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංස්ථාපිත බටහිර දැනුමෙහි පදනම සහ ලොවපුරා එහි ආධිපත්‍යය විවේචනය කරමින් 1986 දී මගේ ලෝකය ග්‍රන්ථය රචනා කළේය.

මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුරු සංගම් සභාවේ (FUTA) මෙන්ම ශ්‍රී ලංකාවේ කැළණිය විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාල ගුරු සංගමයේ සභාපති ලෙසද කටයුතු කළේය . ඔහු විසින් පුවත්පත් ලිපි දෙදහස් පන්සියයකට වඩා පළ කොට ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *