Latestදේශීය

අපොස සාපෙ විභාගය අදින් ඇරඹේ

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද(06) ආරම්භ වේ. විභාගය අද( 6) සිට 15 දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527 කදී පැවැත් වේ.

මෙවර  අයදුම්කරුවන් 452, 979 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊට පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 87, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත් වේ. මේ දින­යන්හි ඇතැම් ප්‍රදේ­ශ­ව­ලට ඇති වන වර්ෂා තත්ත්ව­යත් සමඟ හදිසි ආපදා තත්ත්ව­යන් ඇති වුව­හොත් ඒ සඳහා අවශ්‍ය කට­යුතු සිදු කිරී­මට ද සැල­සුම් කර ඇති බව  විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වර්ෂාව නිසා කිසි­යම් සිසු­ව­කුට විභා­ගය පව­ත්වන මධ්‍ය­ස්ථා­නය වෙත ළඟා වීමට අප­හ­සු­තා­වක් ඇති වුව­හොත් 117 ක්ෂණික දුර­ක­තන අංකය අමතා ඒ බව දැනුම් දිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *