Latestවිදේශීය

බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් මියයයි

(බීබීසී ඇසුරිනි)

බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් ඊයේ (5) අභාවප්‍රාප්ත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවය.

බර්නාඩ් හිල් ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය වූයේ, සම්මානනීය ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපට මාලාවේ රොහාන් හි තියෝඩන් රජු ලෙසත්, ජේම්ස් කැමරන් අධයක්ෂණය කළ සම්මානනීය ටයිටැනික් චිත්‍රපටයේ ටයිටැනික් නැවේ කපිතාන් එඩ්වඩ් ස්මිත් ලෙසත් කළ රංගනය නිසාය.

බර්නාඩ් හිල් උපත ලැබුවේ 1944 දෙසැම්බර් 17 වැනිදාය. බර්නාඩ් හිල් විවාහ වූයේ රංගන ශිල්පිනියක වන ජනප්‍රිය මරියානා සමගය. බර්නාඩ් සහ මරියානා ට පුතෙක් සිටී.

බර්නාඩ් හිල් චිත්‍රපට නළුවකු පමණක් නොව, රූපවාහිනී නළුවකු ද විය. ද ගෝස්ට් ඇන්ඩ් ද ඩාක්නස්, ස්කෝපියන් කිංග් යන චිත්‍රපවලට ද බර්නාඩ් හිල් රංගනයෙන් දායක විය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *