සතියක් තුළ 7000ක් හමුදාව හැරගිහින්
හමුදාව අත්හැර ගොස් සිටින සෙබලුන් හට නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා ලබා දී තිබෙන පොදු සමා කාලයේ සතියක් තුළ සෙබලුන් 7,143 දෙනෙකු ඉවත්ව ගොස් ඇති බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
පසුගිය අප්‍රේල් 20 වෙනිදා සිට 27 වෙනි දින දක්වා සතියක් තුළ ශ්‍රී ලංකා යුද හමුදාවෙන් පමණක් මෙම පිරිස නිත්‍යානුකූලව ඉවත්ව ගොස් ඇත. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මේ බව තහවුරු කර තිබිණි.
මෙම පොදු සමා කාලය මැයි 20 වෙනි දින දක්වා බල පැවැත්වෙන අතර ශ්‍රී ලංකා යුද හමුදාවට සමගාමීව ගුවන් හමුදාව සහ නාවික හමුදාව ද පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

