හොරකමක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරියක් අත්අඩංගුවට
(අසේල කුරුළු වංශ)
මහනුවර ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් අලෙවිසලක දී කාන්තාවකගේ මුදල් පසුම්බිය සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සිදුකළ දීර්ඝ වීම- ර්ශනයකින් පසු මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් කාන්තා පොලිස් කොස්තාපල්වයක සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් පසුගිය 09 වැනි දින අදාළ නිමි ඇඳුම් අලෙවිසල වෙත ගොස් තිබෙන පැමිණිලි – කාරිය ඇඳුම් තෝරමින් සිට පසුව බෑගය පරික්ෂා කිරීමේ දී මුදල් පසුම්බිය එහි නොමැති බව දැක ඇත.
මුදලින් රුපියල් 35000 ක් ද රුපියල් 5000 ක වටිනාක- මින් යුත් ත්‍යාග වවුචර හතරක් ද රුපියල් 40000 ක් වටිනා ජංගම දුරකතනය ද බෑගයේ තිබී සොරාගෙන තිබෙන බවට ඇය කළ පැමිණිල්ලක් මත විමර්ශන කළ පොලිසිය පැමිණිලිකාරයගේ අබෑගය විවෘත කර තවත් කාන්තා – වක් විසින් මුදල්, ත්‍යාග වවුචර හා ජංගම දුරකතනය සොරා ගන්නා අයුරු සී.සී.ටී.වී කැමරා දර්ශන ඔස්සේ තහවුරු කරගෙන තිබේ.
එහි දර්ශන ඔස්සේ තවදුරටත් පරීක්ෂණ කළ පොලිසිය අදාළ සොරකම සිදුකර ඇත්තේ පූජාපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වයක බව තහවුරු කර ගැනීමෙන් පසු (04) ඇයව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

