Latestදේශීය

නාරා ආයතනයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

නාරා ආයතනයේ (ජාතික ජලජීවි වගා පර්යේෂණ ආයතනය) පුරප්පාඩු වී තිබු අධ්‍යක්ෂක ජනරාල් ධුරයට, එම ආයතනයේ අවුරුදු 30 කට අධික කාලයක් විද්‍යාඥයකු ලෙස කටයුතු කර ඇති   ආචාර්ය කේ.අරුලානන්දන් මහතා ඊයේ (06) ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් පත්කරන ලදි.

ආචාර්ය කේ.අරුලානන්දන් මහතා සමුද්‍ර විද්‍යා P.H.D ආචාර්ය  උපාධිදරයකි. නාරා ආයතනයේ (ජාතික ජලජීවි වගා පර්යේෂණ ආයතනය) බොහෝ කාලයක් සේවය කළ අයෙකු මෙම අධ්‍යක්ෂක ජනරාල් ධුරයට පත්වීම ඉතාම වැදගත් අවස්ථාවක් බව එම පත්වීම ලබාදෙන මොහොතේ  ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසා සිටියේය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනවිය ඇතුලු නිලධාරි පිරිසක් සහභාගි විය.   


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *