අධික උෂ්ණත්වයෙන් දරුවන් පරිස්සම් කරගන්න
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණය නිසා විශේෂයෙන් ම දරුවන් විජලන තාප කම්පනය නම් තත්වයට ගොදුරු විය හැකි බැවින් ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න යැයි විශේෂඥ වෛද්‍යවරුන් උපදෙස් ලබා දී තිබේ.
මේ සම්බන්ධයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කරුණු පැහැදිලි කිරීම් කර ඇත. ඔහු පෙන්වා දෙන්නේ කෘතිම රසකාරක යොදන ලද පාන වර්ග හෝ පැණි බීම වර්ග පානය කිරීම විජලන තත්වය උග්‍ර කිරීමට හේතු වන බව ය.
මේ නිසා ජලය, තැඹිලි කුරුම්බා සහ පළතුරු යුෂ වැනි කෘතිම රස කාරක යොදා නැති පාන වර්ග වැඩි වශයෙන් දරුවන්ට ලබා දෙන ලෙස අවවාද කර තිබේ. මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට සහභාගී වෙන දරුවන් කෙරෙහි ද විශේෂ අවධානය යොමු කරන මෙන් මාපියන් හා ගුරුවරුන් හට අවවාද කර ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

