රාජ්‍ය සේවකයින්ට තීරුබදු සහන වාහන බලපත්‍ර ලබාදෙයි
අවුරුදු හැටක් සම්පූර්ණ කර විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ටත් තීරු බදු සහන ඇති වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ කැබිනට් මණ්ඩල රැස්වීමේදීය.
ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.
මේ අතර පසුගිය කාලසීමාවේ ඇති වූ මුල්‍ය අර්බුදය හේතුවෙන් අවසන් වරට ලැබුණු වාහන ආනයන බලපත්‍ර රාජ්‍ය නිලධාරීන් විසින් ලක්ෂ දෙකක පමණ අඩු වටිනාකමින් යුතු මුදලකට වාහන ආනයනකරුවන්ට විකුණා දමා ඇති බවද වාර්තා වෙයි.
සාමාන්‍ය කාල වලදී රුපියල් ලක්ෂ විසි පහක පමණ මිලකට එම බලපත්‍ර අලෙවි විය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

