Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල අනුග්‍රාහක ඉන්දියාවේ අමුල් සමාගම

විස්සයි විස්ස ලෝක කුසල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රහයකයා ලෙස ඉන්දීය ප්‍රමුඛ කිරි නිෂ්පාදන සමාගම වන අමුල් පත් කර තිබේ.

ඉන්දියාවේ විශාලතම කිරි නිෂ්පාදක වන මෙම සමාගම සමඟ වන ගිවිසුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹි බව ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි සිල්වා මහතා සඳහන් කළේය.

මෙම සමාගම සමග ඇතිකරගත් හවුල්කාරීත්වය විශිෂ්ට පියවරක් බවත් ජාත්‍යන්තර ක්‍රීඩා සන්නාමයක් සමග සම්බන්ධ වීම හේතුවෙන් සමාගමට වෙළඳපළ විශාල වර්ධනයක් ලබාගැනීමට හැකිවනු ඇති බවත් ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් අතර සන්නාමව තවදුරටත් ඉහළ නැංවෙනු ඇති බවත් ඔහු පැවසීය.

මෙවර ලෝක කුසලාන තරගාවලිය ජූනි මස පළවෙනි දින සිට බටහිර ඉන්දීය කොදෙව්‌ දූපත් හී දී හා ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *