Latestවිදේශීය

සියවසේ ප්‍රභලම ශිෂ්‍ය නැගිටීම ඇමරිකාවෙන් ආරම්භ වී ලොව පුරා පැතිරේ

ඇමරිකාව වියට්නාමය ආක්‍රමණය කරමින් ගෙන ගිය යුද්ධයට පසුව මෙම 21 වෙනි සියවසේ විශාලතම ශිෂ්‍ය නැගී සිටීම් ඇමරිකාවෙන් ආරම්භ වී ලොව පුරා පැතිරී යාමේ තත්වයක් උද්ගතවී ඇති බවට ජාත්‍යන්තර දේශපාලක විශ්ලේෂකයන් කරුණු දක්වති.

මෙම ශිෂ්‍ය නැගිටීමට මූලික වී තිබෙන්නේ ඊශ්‍රායලට විසින් පලස්තීන ජනතාවට එරෙහිව ගෙන යන සමූල ඝාතක යුද්ධය වෙනුවෙන් ඇමරිකානු ජනතාවගේ මුදල් ඩොලර් බිලියන ගණනක් යෙදවීමට එරෙහිව ය. නිව්යෝක් නගරයේ කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් පසුගිය සතියේ ආරම්භ වූ දැවැන්ත ශිෂ්‍ය විරෝධතා ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, අයර්ලන්තය හරහා මේ වනවිට ඕස්ට්‍රේලියාව දක්වා පැතිරී ගොස් තිබේ.

ඇමරිකාවේ ප්‍රධානම විශ්ව විද්‍යාල 40 පමණ සිසුන් ඉතාමත් ධෛර්‍යය සම්පන්නව මෙම විරෝධතාවලට එක්වී ඇති අතර ඔවුන් මර්දනයට පොලිසිය යෙදවීම අසාර්ථක තත්වයට පත්වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. මේ නිසාම ඊශ්‍රායලයට සහයෝගය පළ කරන පිරිස් යොදවා ශිෂ්‍ය විරෝධතා කඩාකප්පල් කිරීමට ද කටයුතු කර ඇති බව ද හෙළිවී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *