Latestදේශීය

බාරගත්තේ අපායට වැටුණු රටක් – රනිල් වික්‍රමසිංහ

වැටුණු රට යළි ගොඩ නැගීමට  සිදුකළ ආර්ථික ප්‍රතිසංස්කරණ  වැඩසටහන  නිසා 2023 මැයි මාසයේ සිට  ආර්ථික වර්ධනයක ගමන  ආරම්භ වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අද(09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  මේ බව පැවසීය.

තමා  බාරගත්තේ අපායට වැටුණු රටක් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පැවසීය.

ජනාධිපතිවරයා මෙසේද කීය.

 රට මෙන්ම ආර්ථිකය ගොඩනැගීමේ අභියෝගය මා බාර ගත්තේ දුෂ්කර  මොහොතකයි. මම කිසිම කොන්දේසියක් නැතිව රට බාරගත්තා.බයක් සැකක් නැතිව  රට බාරගෙන හදන්නට හැකි බවට මට විශ්වාසයක් තිබුණා.

මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට තුනක්වත් වේ යැයි මා සිතනවා. මේ වන විට විදේශ ශ්‍රමිකයන් එවන මුදල් ප්‍රමාණය වැඩි වී තිබෙනවා.

මේ තත්ත්වය උදාකර ගන්නට හැකි වුණේ අභියෝගාත්මකව දුෂ්කර මාර්ගයේ ගමන් කිරීමට හැකිවීම නිසයි.

සියලු අපවාද මැද අප වැල් පාලම තරණය කරන්නට පටන් ගෙන තිබෙනවා. 

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම හැර වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ. ර⁣ට ගොඩනගන්න නම් කවුරුන් හෝ වෙනසකට මුල පිරිය යුතුව තිබුණා.

මෙම වසරේ  ආර්ථික වර්ධනය සියයට තුනක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, විවිධ දේශීය සහ විදේශීය ,මුල්‍ය ආයතන ද ඒ හා සමාන පුරෝකථන ඉදිරිපත්කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *