අධික උෂ්ණත්වය නිසා යාපනයේ 4 දෙනෙක් මියයයි
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් තාප ආඝාතය නැමැති සෞඛ්‍ය ගැටළුව බරපතළ ලෙස ඇති වන බවත්, මේ නිසා දෛනික කටයුතුවලදී සුදුසු ආරක්ෂණ උපදෙස් පිළිපදින ලෙසත් විශේෂඥ වෛද්‍යවරුන් උපදෙස් ලබා දී තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ද මෙම අධික උෂ්ණත්වයේ බලපෑමෙන් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව යාපනය රෝහලෙන් තහවුරු වී ඇත. මේ සම්බන්ධයෙන් එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් මාධ්‍ය හමුවක් පවා පවත්වමින් ජනතාව දැනුවත් කර තිබේ.
එහිදී අවධාරණය කර තිබෙන්නේ තාප ආඝාතය නැමැති තත්වයෙන් වකුගඩු හෘදය සහ පෙනහලුවල ක්‍රියාකාරීත්වය අඩපණවීම මෙන්ම මොළයේ ක්‍රියාකාරීත්වය ද අඩපණ වෙන බවයි.
කෘතිම රසකාරක යෙදූ පැණි බීම ආදී දියර පානය නුසුදුසු බවත්, කොමඩු පිපිඤ්ඤා සහ පළතුරු ආදිය බහුල ලෙස ආහාර වශයෙන් යොදා ගැනීම ඉතාමත් අවශ්‍ය බවත් පෙන්වා දී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

