Latestදේශීය

රූපවාහිනියට ලක්ෂ 10ක පොල්ලක් – ඩයනට තවත් නඩුවක්

(සුජිත් හේවාජුලිගේ )

රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක්  ලබාගෙන  රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කියන  සංචාරක හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇතැයි ජාතික රූපවාහිනී සංස්ථාව පවසයි.

මේ සම්බන්ධයෙන් අප ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති  ආචාර්ය  ප්‍රසාද් සමරසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ගමගේ මහත්මියට නඩු පැවරීමට තමා අදාළ අංශ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.

මෙම හිඟ මුදල ගෙවන ලෙස කිහිප වතාවක්ම ඩයනා ගමගේ මහත්මියට දැනුම්දී  තිබුණද  විවිධ හේතු දක්වමින් ගෙවීම පැහැර හැරි බවද  සභාපතිවරයා කීවේය.

නවගමුව පෙරහර සජීවී ලෙස ප්‍රචාරය කිරීම සඳහා ඇය මෙම විකාශනය  ලබා ගෙන  ගත්තේ ඒ සඳහා වැය වන සියලුම මුදල් තමා පෞද්ගලිකවම ගෙවන බවට පොරොන්දු වෙමින් ලිඛිත ලියවිල්ලක්ද ඉදිරිපත් කරමින් බව පැවසේ.

ද්විත්ව පුරවැසිභාවය ගැටලුව  හේතුවෙන් ඩයනා ගමගේ මහත්මියට  පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක්  දැරීමට අයිතියක් නැති බව  ශ්‍රේෂ්ඨාධිකරණය  පසුගිය ( 9) බදාදා  දැනුම්  දුන්නේය.

ඒ අනුව ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි විය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *