Latestදේශීය

වාහන ආනයනය කිරීම අර්බුදයක

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමට රජයේ තීරණයක් ගත්තත් එම දිනයේ සිට මෙරටට වාහන ගැනීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇතැයි ජපාන වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා පෙන්වා දෙන්නේ ලංකාවෙන් නිකුත් කරන ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස ජපාන බැංකු පද්ධතියට ශ‍්‍රී ලංකාවෙන් මේ වන විටත් උපදෙස් ලැබී ම ඇති නිසා එම තීරණය අත්හිටුවීමට යම්කිසි කාලයක් ගතවනු ඇති බවයි.

එනිසා ජපානයෙන් වාහන ගෙන්වීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවද ඔහු කියා සිටී.

ශ්‍රී ලංකාවට වාහන අානයනය සඳහා විවෘත කරන ණයවර ලිපිවලට මුදල් නොගෙවන්නේ ශ්‍රී ලංකා රජය ජපාන බැංකුව වෙත නිල වශයෙන් කළ දැනුම් දීමක් මත මේ වන විට ජපාන බැංකුවලින් මුදල් නිදහස් කර ගැනීමට නොහැත් තත්ත්වයක් ඇති වී තිබේ.

එනිසා මෙරටට ජපාන වාහන ගෙන්වීමට යළි තීරණය කලත් ණයවර ලිපි සක්‍රීය කිරීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගතවනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *