Latestදේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට තීරුබදු රහිත වාහන සදහා අනුමැතිය

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව විසින් අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි.

මන්ත්‍රීවරුන් එකසිය දාසය දෙනෙකුගේ අත්සනිනුත් ලිපියක් කතා නායකවරයා වෙත භාරදෙමින් ඉල්ලා තිබුණේ රාජ්‍ය සේවයේ ඉහළ විධායක නිලධාරීන්ට ලබා දෙන පහසුකම් වලට සමාන වන ලෙස තමන්ටද බදු රහිත වාහන බලපත්‍ර ලබා දෙන ලෙසයි.

ගෘහ කාරක සභාවේ අනුමැතිය ලැබීමත් සමගම එය එය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කතානායකවරයා විසින් ලිපියක් මගින් දැනුම් දීමට නියමිතව තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *